ඇයට මා ප්‍රේමය මවා පෙන්වන විට, ඇය මා වෙනුවෙන් නිමග්න වූ ප්‍රේමයක වෙලී උන්නාය. මා වෙතින් ගැඹුරින් ප්‍රේමය විනිවිදින්නට තැත් දැරුවාය. ඇගේ ප්‍රේමයේ ආනන්දය මා වෙත පුදන්නට වූ රිසියෙන් ඇය මගේ පුරුෂාර්ථයේ නිම් වළළු පිරික්සමින් සිටි බව වටහාගන්නට තරම් වත් මගේ ප්‍රේමය නිර්ව්‍යාජ එකක් නොවූවා පමනක් නොව මගේ ධාරිතාවය ඇගේ ප්‍රේමයේ උත්කර්ෂයන් සංස්පර්ෂණය කරන්නට තරම් තාත්වික වූවක්ද නොවීය.මට අවැසි වූයේ යසසය, ඇයට අවැසි වූයේ ප්‍රේමයම පමණකි.මේ සියල්ලෙහි ප්‍රතිඵලය ලෙස, මගේ ඇරයුමින් මා වෙත සිය ප්‍රේමයේ මාවත විවර කරන්නට සැරසෙන නිමේෂයෙදීම, යසසට විවර වූ දෙනෙතකින් අවදිව සිටි මා වෙත ආ ඉසුරින් ආඩ්‍ය වූ යෞවනියකගේ සියත මත හදවතේ බර සැහැල්ලු වන්නට ඉඩ හළෙමි.
Sudarshana Deshapriya - Fictional Writings - 2012.09.23.
No comments:
Post a Comment