මල් ගොමු පිපෙන මුත් සිවු දිග වන අරණේ
කොඳ මල් කැකුළු නොපිපෙයි දස අත දෙරණේ
සුපහන් සිතැති බඹරිඳු සරනා විමනේ
විකසිත කොඳ කැකුල නිසලව නෙත ගැටුනේ
බඹරිඳු තුරුණු පෙම් ස්වර හදවත පිරුණූ
නොගැටෙති පියලි නෙක වන මල් මත ඇරුණූ
සත්සර නගනු හැකි කුසුමෙහි වැද පිරුණූ
බඹරිඳු නිසල වනු ඇත විඳ පෙම්සුව මහඟු
බිඟු කැල මලින් මල නිති සිය නෙතු රැන්දූ
මල් මුව තලා රොන් ගෙන නොසරති යලිඳු
දිවිසුව නොලා පෙම් කල මෙනි කෙස රින්ඳූ
නොතළති මුත් පියුම නොම ලද රොන් බින්දූ
No comments:
Post a Comment