මවු පදවිය නමින් පැතුමක් හදෙහි හොවා
සිටියෙමි සත් දෙනෙකු දරුවන් කුසෙහි රුවා
නොතකා කුරිරු දුක් අතොරව ගත දවනා
බිහිවන තුරා සිටියෙමි දරු පෙම වඩවා
දෙපා සතුන් දරුවන් බිහි කරන නියා
නොලදිමි සායනික උපදේශන සේවා
බිහි වූ දරු කැළම සතුටින් සැපෙන් තියා
ගත ලේ කිරි කලෙමි උන් හැම සවිය පතා
එක්දරු ප්‍රතිපත්ති, රත්‍රන් පුංචි පවුල්
ගැන නොසිතුවෙමි කිසි විටෙකත් මවක ලෙසින්
ජාතික සවිය වඩනට කළ යුතු යුතු කම්
කරනට නොපසුබට විය යුතු සියළු මවුන්
No comments:
Post a Comment