නිදහස සිරගත වූ ඇසිල්ලක....
තක්කඩින්ගෙන් විවරණ ලබපු
ඇස් වල තියෙන අඳුරෙ,
සාපය,
අයිති නුඹලට...,
ඇත්තට අත දෙන්න බැරි
උඹලගෙ කොන්දට වඩා....
වැවුනනම් කොන්ඩෙ,
උකුල පළල් වෙලා...,
ඒ වරිගෙටත් ඒක අවමානයක්....
උඹල වපුරපු මුසාවාද වලින්,
දවසක් දෙකක් වහපු ඇස්
හැමදාටම ඇරෙන දවසෙදි...
උඹලගෙ හෙලුවත් පාළුයි කියල,
ලෝකෙටම කියන්නේ
විවරණ ලබපු උන්මයි.....!


No comments:
Post a Comment