මෘදු සිතැත්තියේ....
සකල ලෝකයේ
සියළු සුන්දර වස්තූන්,
සාපේක්ෂ වූ මට....
නුඹම පමණක්
නිරපේක්ෂ වූ වග....,
ප්‍රේමයෙන් ව්‍යුක්ත වූ කල,
අරුත නොහැඟෙයි ජීවයෙහි පවා....
අනම්‍ය ප්‍රතිචාරයෙන්
කම්පිත වූ චින්තනය....
අරාජිකත්වයේ ශෝකයෙන්
බිහිවුනු හදවතේ රික්තය,
වියලි බොල් සුසුමින්
කිසිදා සුවපත් නොවනු ඇත...,
මසිත අවතැන් කල නුඹ....!
No comments:
Post a Comment