Tuesday, December 25, 2012

අපේ බැඳීම්


කාලීනව, ආත්මගතව හා සංසාරිකව, මානව චිත්ත සංතානය තුළ
"බැඳීම්"
නිර්මාණය වෙයි.

භෞතික වත්කම් හා ලෞකික සැපය පරම සැප ලෙස අදහන්නෝ,
බැඳීම් තර කොට වර්ධනය කර ගනිති.

ලෝකෝත්තර සැප කැමතිව බුදුන් මග යන්නෝ, අධ්‍යාත්මික වත්කම්
තනා ගැනීම උදෙසා ඇලීම් බැඳීම් ප්‍රහීන කරති.

ලෞකික ලෝකෝත්තර දෙ අංශය සමබරව පවත්වා ගැනීමට රිසි වූ,
පෘතග්ජනයෝ බැඳීම් ඇලීම් ගැටීම් අර්තවත්ව කරති.

සංසාර ගමනෙහි කෙළවර,
ලෞකික ලෝකෝත්තර දෙ අංශය අසමතුලිත වූ කල්හී,

"ලෞකික සැප කාමීහු" පරිහානියට යති.

"ලෝකෝත්තර සැප කාමීහු" නිර්වාණයට යති.



2010 - 07 -25

No comments:

Post a Comment