ස්වභාව ධර්මය විසින්, සැම විටම උචිතයන් උන්නතියට පත් කරවයි...මක් නිසාද යත් උචිතයන් උන්නතියට පත් වන ඉසවුවක, සොබා දම් නියතීන් සුරක්ෂා වන බැවිනි.
පෘතග්ජන ලෝකය සෑම කල්හිම, පවත්නා ස්වභාවය වෙනසක් කරා යොමු කරවීමේ රිසියෙන් පසුවන්නේ, මිනිසා සිය බුද්ධිමය නිර්මානයක ඵලයක් ලෙස, සොබා දහම නිර්මානය කරන්නට අසමත් වීම මගින් නිරන්තරයෙන් පෙළනා ලද හෙයිනි.
වෙනසක් සොයන මිනිසුන් සෑම විටම, පවතින තත්වය වඩා යහපත් තත්වයක් වෙත ඔසවා තැබීම පිළිබඳ, සිය චින්තනයත්, එයට අනුරූපව භෞතික චර්යාවත්, මෙහෙයවීමට අසමත් වන්නේ, ඔහු ස්වකීය නොහැකියාවන් පිළිබඳ දක්වන සන්වේදීතාවයෙහි ප්‍රතිපලයක් ලෙසටයැයි හඟිමි.
මිනිසාද ස්වභාව ධර්මයේ මාත්‍රාවටම නිර්මාණශීලීත්වයෙන් පිරිපුන් වී නම්, ස්වභාවධර්මයේ අනන්ත නිර්මානශීලිත්වයට අනුගත වන්නට සිය හ්ර්‍ද සාක්ෂියෙන් යම් හෝ ඉඩක් හිමි වන්නට තිබුනි.
නමුත් එවැන්නක් සිදුවීම වෙනුවට, සිය ජන්මගත නොහැකියාවන් මෙන්ම, තවදුරටත් පටු ආත්මාර්ථය වැනි ස්වාර්තකාමී හැඟීම් විසින්ද මිනිසා මෙහෙයවීම මගින් ලක් කරන ලද චින්තන ඔද්දල්භාවය ඔස්සේ, සිය නොහැකියාවන් සඟවා, උන්නතිය තහවුරු කරගන්නට "ස්වභාව දර්මයේ යථා ස්වභාවය වෙනස් කිරීමේ මාවත" තෝරා ගැනීම වඩාත් පහසු විකල්පයක් ලෙස මතුපිට පෙනීමට ලක්ව ඇත.
සැබැවින්ම මෙම තෝරා ගැනීම ("ස්වභාව දර්මයේ යථා ස්වභාවය වෙනස් කිරීමේ මාවත") අගනා එකකි. මක් නිසාද යත් එවන් තෝරා ගැනීමකින් පසුව, සිදුවන ක්‍රියාවලියට අදාල සිද්ධි, වෙන් වෙන් වශයෙන් ගෙන කරන අධ්‍යනයකින් පසුව වුවද මෙවැනි මාවතක් තෝර ගැනීමේ වරදක් ඇති බවක් එක් වනම මානව බුද්ධියට විෂය නොවන බැවිනි.
එබැවින් මිනිසුන් ස්වභාව ධර්මය වෙනස් කරති, වික්ර්‍ති කරති. සිය ඕනෑ එපාකම් පිරිමසා ගන්නට ඇති වනක් තරමින්, සොබා දම් නියතීන්ට අභියෝග කරති.
මේ අභියෝග කිරීම ශුද්ධ විද්‍යාව හා සමාජ විද්‍යාව යන දෙක් හිම, ඊට අදාල හැදෑරීම් සමග විටෙක ඉතා සියුම්වත්, විටෙක මතුපිට තලයෙහිදීමත් හඳුනා ගතහැකි වන අයුරින් මුසුව ඇත.
එබැවින් තත් කාලීන ආර්තික, දේශපාලනික, සංස්කෘතික සමාජ යථාර්තයන් තුළ අත් දැකිය හැකි, ස්වභාව ධර්මය වෙනස් කොට එයට අභියෝග කිරීමට රුකුල් සපයන, මානව උත්තේජයන් යටපත් කොට සොභා දම් නියතීන් විශ්වීය වශයෙන් තිරසර කරවන්නට කැප වූ ගෝලීය මානව හැසිරීමකට කාලය, එළඹ ඇත....!
No comments:
Post a Comment