Tuesday, May 10, 2016

Thales of Miletus (/ˈθeɪliːz/; Greek: Θαλῆς (ὁ Μιλήσιος),Thalēs; c.624 BC – c.546 BC)

ම්ලේටස් ගුරුකුලයට අයත් දාර්ශනිකයෙකි (ක්‍රි.පූ 624 – 546 ) තෙලස්. පූර්ව සොක්‍රටීස් යුගයට අයත් චින්තකයෙකි. ඇනටොලියා නැමැති පුරාණ ග්‍රීක රජ්‍යයෙහි ජීවත් වූවෙකි. ඇනටෝලියා අද හැඳින්වෙන්නේ තුර්කිය නමිනි. 

මොහු ක්‍රි.පූ. 6 වන සියවසට පූර්වයෙහි ග්‍රීසියේ විසූ ප්‍රාඥයන් සත් දෙනාගෙන් කෙනෙක් ලෙස සැලකේ. බොහෝ අය, විශේෂයෙන්ම ඇරිස්ටෝටල් තෙලෙස් ග්‍රීක සම්ප්‍රදායේ ප්‍රථම දාර්ශනිකයා වශයෙන් හැඳින්වීය. බර්ට්‍රන්ඩ් රසල් ට අනුව බටහිර දර්ශනයට ආරම්භය සැපයුවේ තෙලෙස් ය. 

තෙලෙස් ස්වභාවික සංසිද්ධීන් මිත්‍යාවෙන් බැහැරව විග්‍රහ කිරීමට ප්‍රයත්න දැරූ අතර, එහිලා අතිශයින් සමත්කම් පෙන්වීය. මිත්‍යාවෙන් බැහැරව පරමාණුව, වෙනස්වීම සහ ලෝකයේ පැවැත්ම විග්‍රහ කිරීමට උත්සාහ කල පූර්ව සොක්‍රටීස් යුගයේ සියලුම දාර්ශනිකයන්, තෙලෙස් ඉහත කරුණු පිළිබඳව පල කල අදහස් වලට අනුගාමී අදහස් පළකලහ. මෙකී අනුගාමී දාර්ශනිකයන්ද ප්‍රභල අය වූ අතර, අවසානයේදී මිත්‍යාව බැහැර කිරීමේ තෙලෙස් ගේ අදහස් "විද්‍යාත්මක විප්ලවයේ" 'හරයා' බවට පත් විය. 

එසේම ඔහු පොදු මූලධර්ම විග්‍රහ කල පලමුවැන්නාද වූ අත්‍ර, පූර්ව උපන්‍යාස ( උපකල්පන ) ගොඩ නැංවීය. එහි ප්‍රථිපලයක් ලෙස විද්‍යවේ පියා යන අන්වර්ථ නාමයෙන් ද පිදුම් ලබන්නට ඔහු සමත් විය ( මෙම අන්වර්ථ නාමය ග්‍රීක දාර්ශනික ඩිමොක්‍රීටස් ට හිමි වීම වඩාත් යුතු බවට මතවාදයක්ද පවතින නමුත්).

ගණිතයේදී, පිරමීඩ වල උස සෙවීම සහ වෙරළේ සිට නාවික යාත්‍රා වලට ඇති දුර ගණනය කිරීම සඳහා තෙලෙස් ජ්‍යාමිතිය භාවිතා කලේය. තවද ඔහු තෙලෙස් ප්‍රමේයයට අදාල මුකූටධර හතරක් නිර්මානය කරමින්, ජ්‍යාමිතියට අදාල නිගාමී තර්කනය මුලින්ම භාවිතා කල තැනැත්තා වශයෙන්ද පිදුම් ලැබීය. මෙහි ප්‍රථිපලයක් ලෙස ඔහු ප්‍රථම සැබේ ගණිතඝ්නයා වශයෙන් ගරු නාම ලද අතර, ප්‍රථමයෙන් ගණිතමය සොයාගැනීමක් කළ ප්‍රාඥ්ඥයා ලෙසද පිදුම් ලැබීය.

http://en.wikipedia.org/wiki/Thales

No comments:

Post a Comment