Wednesday, May 11, 2016

අයුක්තියට එරෙහිව නැගී එන හර්ද සාක්ෂිය

මාටින් ලූතර් කිං නැමැති ප්‍රතිසංස්කරණවාදියා වරක් ප්‍රකාශ කළේ...,

යමෙකු ස්වකීය ජන සමාජය තුළින් අයුක්තියට එරෙහිව නැගී එන හර්ද සාක්ෂිය ඔසවා තබනු පිණිස, තම හර්ද සාක්ෂිය මගින්ද දිගින් දිගටම අසාධාරණයැයි හැඟෙන යම් අයුක්තිසහගත නීතියකට එරෙහි වෙමින්, එකී එරෙහිවීමේ හේතුවෙන් තමන්ට ලැබෙන සිරගත වීමේ දඬුවම සිය කැමැත්තෙන්ම පිළි ගනීද, එම ක්‍රියාව මගින්..., නීතියට දක්වන ඉහළම අවනතිය සහ ගරු කිරීම කුමක්ද යන්න ඉතා නිවැරදිව ප්‍රකාශයට පත් වන බවයි.


එපරිද්දෙන්ම, පවතින ක්‍රමය තුළින් සර්ව ජන අපේක්ෂාවන් දිගින් දිගටම යටපත් කරනු ලබන විට, නිරායසයෙන්ම ජනතාව එකී අපේක්ෂාවන් වෙනුවෙන් පෙළ ගැසෙමින්, පවත්නා පාලනය වෙත සිය ඉල්ලීම් ඉදිරිපත් කරද්දී, එකී පොදු ජන මන අපේක්ෂාවන් ඉටු කිරීම වෙනුවට යම් පාලකයකු හෝ පිරිසකගේ අනුග්‍රහයෙන් එකී පොදුජන අයිතීන් වෙනුවෙන් පෙළැ ගෙසෙන ජනතාව වෙත මර්ධනය මුදා හරින්නේ නම්, එවැනි පාලනයක් තුළින් දිගින් දිගටම සාධාරණත්වය ඉටු වනු ඇතැයි යන, අපේක්ෂාවෙන් මුනිවත රකිනවා වෙනුවට, ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් තිරසර කරනු පිණිස ඉදිරියට එමින් එම අයුක්ති සහගත පාලනයෙන් ජනතාව මුදවා ගැනීමට යමෙකු ක්‍රියා කරයිද, ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට කරනු ලබන ඉහළම සැළකිල්ල වන්නේ එම ප්‍රජා පීඩක පාලනයේ පැවැත්ම ජන සමාජයෙන් ඉවත් කිරීම පිණිස පුරවැසියකු ලෙස ගනු ලබන ප්‍රයත්නයයි...!

No comments:

Post a Comment