Tuesday, May 10, 2016

සිංගප්පූරු වේ අපූරු ආදර්ශය...,

1965 දී නිදහස් රාජ්යක් ලෙස ගමන් අරඹන විට සිංගප්පූරුවේ සමාජ ආර්ථික පැතිකඩ එතරම් යහපත් නොවීය. ඌන සංවර්ධිත බවත්, භූගෝලීයව කුඩා වීමත්, ස්වභාවික සම්පත් නොපැවතීමත්, ජනගහණය අල්ප වීමත්, ඉතා කෙටි ඉතිහාසයකට හිමිකම් කීමත් බැලූ බැල්මට දැකිය හැකි සිංගප්පූරුවේ සංවර්ධනයට බාධාකාරී කරුණු වශයෙන් විය.
නිදහස් රාජ්යයේ ප්රථම අග්රාමාත්යවරයා දිවංගත ලී ක්වාන් යූ මහතා සිංගප්පූරුව ලද පරිවර්ථනයේ නියමුවා ලෙස ගෞරවාදරයට හා පැසසුමට ලක්වෙයි. එතුමන් අනූව දශකයේ අග භාගයේදී ස්වකීය ස්වයං චරිතාපදානයේ එක් පරිච්ඡේදයක් “තෙවන ලෝකයේ සිට පළමු ලෝකය දක්වා” - “From Third World to First” යනුවෙන් නම් කළේය..
සිංගප්පූරුව ආර්ථික සාර්ථකත්වය අත්පත් කරගැනීමේ රහස කුමක්ද?
පළමුවම, රාජ්යයේ භූගෝලීය ස්ථානගත වීම හා ස්වභාවික වරාය යන කරුණ මෙහිලා අතිශයින් වැදගත් විය. එනම් ගෝලීය සමුද්ර ප්රවාහන වෙළඳ පොළින් අවම වශයෙන් 40% ක් පසු කර යන මලක්කා සමුද්ර සන්ධිය අභිමුඛ වූ සිංගප්පූරුවෙහි පිහිටීමයි. ඉතිහාසය දෙස් දෙන ආකාරයට, මුල් වරට 14 වන සියවසයේදී ආර්ථික කෙන්ද්රස්ථානයක් වශයෙන් භාවිතාවට ලක් ව, නැවත 19 වන සියවසයේදී බ්රිතාන්ය දූත ස්ටෑම්ෆොර්ඩ් රැෆල්ස් විසින් නූතන නගරය සොයාගන්නා ලදුව, නූතනයේ සිංගප්පූරුව ලෝකයේ අනවරත සහ සීඝ්ර සංවර්ධනයට ලක්වන කලාපයන්හී හදවත බවට මේ වන විට පරිවර්ථනය වී හමාරය.
ලී ක්වාන් යූ පාලනය යටතේ සිංගප්පූරුව මෙකී තරඟකාරී වෙළඳ වාසි බොහෝමයක් අයත් කරගැනීම මෙහි දී සුවිශේෂී කරුණක් වශයෙන් හඳුනා ගත යුතුමය.
දෙවනුව, ලී ක්වාන් යූ යටතේ, විදේශ වෙලඳාම සහ ආයෝජන දිරිගැන්වීම සහ රට තුළට කැඳවා ගැනීම සිදු කෙරුණි. එහි ප්රථිපලයක් ලෙස භහු ජාතික සමාගම් සිංගප්පූරුව ස්වභාවික අයෝජන කෙන් ද්ර ස්ථානයක් ලෙස හඳුනා ගත් අතර සිය ව්යාපාර පුළුල් කිරීමත් වැඩි දියුනු කිරීමත් ඉන් පසුව සීඝ්රයෙන් ඇරඹුනි.
තෙවනුව සිංගප්පූරු ආණ්ඩුව, කුඩා, කාර්යක්ෂම සහ අවංක සහ විශ්වාසදායී මුහුණුවරකින් පවත්වා ගැනීම ස්වකීය අසල්වැසි කිසිඳු රාජ්යකින් සමකාලීනව විද්යාමාන නොවන තරමේ මට්ටමකින් සිදු කෙරුණි.
එම තතවයන්හි අපූර්ව සංකලනය මගින් සිංගප්පූරුව තුළ ඇති කළ ව්යුහාත්මක වෙනස්කම්, මගින් සිංගප්පූරු ආර්ථිකය සහ සමාජය තුළ ඇති වූ පරිවර්ථනය, දෙස අවධානය යොමු කල විශ්ලේෂකයන් ගේ හා සමීක්ෂකයන් ගේ වාර්ථා තුළින් සිංගප්පූරුව ව්යාපාර කිරීම සඳහා ඉතාම යෝග්ය රාජ්යක් ය යන පණිවිඩය ජාත්යන්තරය වෙත රැඟෙන යාම ඉන් පසු සමය තුළ වේගවත් විය.
නමුත් රාජ්යයේ නාගරිකත්වය සහ නිදහස පිළිබඳ කරුණු වලදී රාජ්ය තවදුරටත් ස්වකීය අනම්ය මුහුණුවර පවත්වා ගනු දක්නට ලෙබුණි. නගරය පවිත්ර බව මෙන්ම නිසි පිලිවෙල ද මැනවින් පවත්වා ගැනීම දක්නට තිබුනත්, අපරාධ වැරදි සඳහා කෲර දඬුවම් ක්රම පවත්වා ගෙන යාම, මාධ්ය වාරණ සහ ලිබරල් නොවන සමාජීය ප්රථි පත්ති ක්රියාත්මක වි තිබුණු අතර උද්ඝෝෂණ හෝ රජයට එරෙහි විරෝධතා වලට ඉඩ ලැබුනේ ඉතාමත් කලාතුරකින් සීමිත අවස්ථාවන්හිදී පමණි.
ලී සෑම විටම අසල්වැසි සහ තරඟකාරී රා\ජ්යන්ගේ ආක්රමණශීලී සහ අන්තරායකාරී මුහුණුවර උළුප්පා දක්වමින්, පවත්වා ගෙන ගිය ආණ්ඩුවේ අධිකාරීමය බලය තදින් පවත්වා ගෙන යාම සිංගප්පූරුවේ සාර්ථකත්වයට ඉවහල් වන බව විශ්වාස කළේය.

By Sudarshana Deshapriya.

No comments:

Post a Comment