මාටින් ලූතර් කිං නැමැති ප්‍රතිසංස්කරණවාදියා වරක් ප්‍රකාශ කළේ...,
යමෙකු ස්වකීය ජන සමාජය තුළින් අයුක්තියට එරෙහිව නැගී එන හර්ද සාක්ෂිය ඔසවා තබනු පිණිස, තම හර්ද සාක්ෂිය මගින්ද දිගින් දිගටම අසාධාරණයැයි හැඟෙන යම් අයුක්තිසහගත නීතියකට එරෙහි වෙමින්, එකී එරෙහිවීමේ හේතුවෙන් තමන්ට ලැබෙන සිරගත වීමේ දඬුවම සිය කැමැත්තෙන්ම පිළි ගනීද, එම ක්‍රියාව මගින්..., නීතියට දක්වන ඉහළම අවනතිය සහ ගරු කිරීම කුමක්ද යන්න ඉතා නිවැරදිව ප්‍රකාශයට පත් වන බවයි.
එපරිද්දෙන්ම, පවතින ක්‍රමය තුළින් සර්ව ජන අපේක්ෂාවන් දිගින් දිගටම යටපත් කරනු ලබන විට, නිරායසයෙන්ම ජනතාව එකී අපේක්ෂාවන් වෙනුවෙන් පෙළ ගැසෙමින්, පවත්නා පාලනය වෙත සිය ඉල්ලීම් ඉදිරිපත් කරද්දී, එකී පොදු ජන මන අපේක්ෂාවන් ඉටු කිරීම වෙනුවට යම් පාලකයකු හෝ පිරිසකගේ අනුග්‍රහයෙන් එකී පොදුජන අයිතීන් වෙනුවෙන් පෙළැ ගෙසෙන ජනතාව වෙත මර්ධනය මුදා හරින්නේ නම්, එවැනි පාලනයක් තුළින් දිගින් දිගටම සාධාරණත්වය ඉටු වනු ඇතැයි යන, අපේක්ෂාවෙන් මුනිවත රකිනවා වෙනුවට, ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් තිරසර කරනු පිණිස ඉදිරියට එමින් එම අයුක්ති සහගත පාලනයෙන් ජනතාව මුදවා ගැනීමට යමෙකු ක්‍රියා කරයිද, ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට කරනු ලබන ඉහළම සැළකිල්ල වන්නේ එම ප්‍රජා පීඩක පාලනයේ පැවැත්ම ජන සමාජයෙන් ඉවත් කිරීම පිණිස පුරවැසියකු ලෙස ගනු ලබන ප්‍රයත්නයයි...!
Wednesday, May 11, 2016
රස්තියාදුකාරයන් බලයට පත් කිරීමට රස්තියාදුකාරයන්ට බලය ලබාදීමේ කතාන්දරය
ලාංකීය දේශපාලන ක්‍රමය සහ විශේෂයෙන්ම එහි අනාගතය පිළිබඳ එක් පැතිකඩක් මුහුණ පා ඇති අර්බූධයේ සරල යථාර්ථය මතු කෙරෙන කරුණු පෙළගැස්වීමක ප්‍රථිපලයකි මතු ඔබ කියවන ලියමන.
1931 වරෂයේ ඩොනමෝර් කොමිසම ශ්‍රී ලාංකිකයන් වෙත "සර්ව ජන ඡන්ද හිමිකම" ප්‍රදානය කරන්නට සූදානම් වන මොහොතේදී, එවකට ලාංකීය වාමාංශික ව්‍යාපරයට නායකත්වය දුන් ඒ.ඊ.ගුණසිංහ වැනි ජනතාවදී නායකයන් සර්ව ජන ඡන්ද අයිතියෙහි පවත්නා ජාතික වැදගත්කම, මහජන වරප්‍රසාදයක් ලෙස මෙන්ම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ගන්නා මූලික ප්‍රයත්නයක සමාරම්භයක් ලෙස අවධාරණය කරද්දී, එවකට ජාතික දේශපාලනයේ නියුතුව සිටි කොම්ප්‍රදෝරු ධනේශ්වර පාන්තික ඇතැම් දේශපාලකයන් "සර්ව ජන ඡන්ද බලය" හැඳින්වූයේ "රස්තියාදුකාරයන් බලයට පත් කිරීමට රස්තියාදුකාරයන්ට බලය ලබා දීමක් ලෙසයි", තවත් ලංකා දේශපාලනයේ පසුව මෙරට අගමැති වරයකු බවටද පත්වූ දේශපාලකයකු දැක්වූයේ, සර්ව ජන ඡන්ද බලය "බැඳ සිටින බල්ලන් ලිහා දැමීමක් ලෙසයි".
මෙකී ප්‍රකාශයන් මගින් ඔවුන් විසින් පළ කරන්නට යෙදුනු සර්ව ජන ඡන්ද බලය පිළිබඳ කරුණට වන විරෝධයෙහි පසුබිම, අන් කවරක් වත් නොව 1912 වර්ෂයේදී කෲව් මැකලම් ප්‍රථිසංස්කරණය හරහා හඳුන්වා දී තිබූ සීමිත ඡන්ද හිමිකම රටෙහි මුළු ජනගහණයෙන් 4% ටත් වඩා අඩු පිරිසක් පමණක් හිමිකම් ලැබූ, හුදු ධනපති පාන්තික වරප්‍රසාදයක් බවට පත්ව තිබීමත්, එම තත්වය වෙනුවට සර්ව ජන ඡන්ද හිමිකම හඳුන්වා දීම තුළින් සිදු වීමට අපේක්ෂිතව තිබූ ප්‍රජාතන්ත්‍රවාදයේ නිම් වළළු පුළුල් වීම ඉවසා සිටින්නට එම දේශපාලකයන්ට මුල් අවස්ථාවේ පටන්ම පැවති නොකැමැත්තයි. එනම් ඒ තුළින් සමාජ ක්‍රමයේ ඇති වීමට අපේක්ෂිතව පැවති ප්‍රතිජනනාත්මක සමාජ සංවර්ධනය පිළිබඳ හැඟීම් මාත්‍රයක් හෝ නොමැතිව මෙන්ම ජනතාවාදී දේශපාලන ක්‍රමයක් දක්වා මෙරට දේශපාලන ක්‍රමයේ සිදු වීමට නියමිතව තිබූ වෙනස නොඉවසූ පිරිසක් ලෙසය එදා ඔවුන් හැසිරුණේ.
වත්මන් පාලනය තුළ දිනෙන් දින වර්ධනය වෙමින් පෝෂණය කළ ප්‍රවණතාවය වූයේ පවුල් සහ පරම්පරා දේශපාලනයයි. රටක දේශපාලන සංස්කෘතියේ වර්ධනය උදෙසා පාරම්පරික දේශපාලනය මගින් සපයන ලද දායකත්වය මෙහිලා, අප විසින් අදානග්‍රාහී ලෙස ප්‍රතික්ෂේප කරනු නොලබන නමුත්, පවතින රජය පාලනය පටන් ගත් දා පටන්ම පවුල් විහරණයට පරම වැදගත්කමක් ලබා දුන් ආකාරය පිළිබඳ ඕනෑ තරම් උදාහරණ වලට ජන සමාජය සාක්ෂි දරන තත්වය තුළ, මෙකී පවුල් දෙශපාලනයේ තර වීම දිනෙන් දිනම කොතරම් ඉහ වහා ගියේද යත්, මුලින් නායකයාගේ පවුලෙන් පටන් ගත් පවුල් විහරණය, ප්‍රාදේශීය මට්ටමේ කෙළවරෙහි සිටින ජනතා නියෝජිතයා දක්වා වසංගතයක් මෙන් වර්ධනය විය.
වත්මන් පාලනයේ පවුල් විහරණය ඉලක්ක කරගත් දේශපාලන ප්‍රවණතාවය සමග පෙරකී, 1931 වර්ෂ්යේ "සර්ව ජන ඡන්ද හිමිකම" ජනතාව වෙත හිමිකර දීමට එදිරිවාදී අදහස් පළ කරමින් හුදු පන්තික විහරනයන්ගේ මානයෙන් පමණක් සමස්ථ ජාතික දේශපාලන ක්‍රමයම ලඝු කිරීමට උත්සාහ ගත් දේශපාලන ප්‍රවනතාවය යන දෙකම මගින් ලාංකීය පොදු මහජනතාව සදාකලික පීඩිතයන් ලෙස පවත්වා ගැනීම සහ සුභසාධනවාදයේ වර්ධනය දුර්වල කොට ජන ජීවිතය වෙත මහජන නියෝජනයේ ප්‍රතිලාභ ගලා ඒම දුර්වල කිරීමට කරන ලද බලපෑම බොහෝ දුරට ආසන්න වශයෙන් සමානය.
මන්ද යත්, 1931 දී "තව දුරටත් සීමිත ඡන්ද බලය" න්මැති පැහැදිලි ඉර ගසා මහජනතාව දේශපාලනයෙන් ඈත් කොට තැබීමට ගනු ලැබූ ධනෙශ්වරවාදී ප්‍රයත්නය මෙන්ම, 2005 න් පසුව පවුල් විහරණය ඉලක්ක කර ගනිමින් ලංකාවේ සතර දිග්භාගයේම ඇමති මන්ත්‍රී දුවා දරුවන් මහජනතාවගේ ඡන්දය මංකොල්ල කා ගැනීම පිණිස ඉදිරිපත් කිරිම මගින් මහජන වරණය ඇසට නොපෙනෙන ලෙස සීමා කිරීමේ ප්‍රයත්නය මගින්ද, ලාංකීය ජන සමාජය මතින් ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහපාලනයේ ප්‍රතිලාභ උදුරා ගැනීමට කරන ලද බලපෑමෙහි මතුපිටින් හෝ ගැඹුරින් බලා තෙරුම් ගැනීමට ඇති වෙනසක් නොමැති බැවිනි.
එනම් වඩාත් පැහැදිලිව කියන්නේ නම් 1931 දී සර්ව ජන ඡන්ද බලය අයිතියක් ලෙස ජනතාව අතට පත් වනවාට අසතුටු වූ දේශපාලන පරපුරේ මිනිසුන් ගේ තුන්වන හෝ සිවුවන පරම්පරාව "සර්ව ජන ඡන්ද අයිතිය" මිනිසුන් අතට පත් වීමෙන් පසුවත්, තවදුරටත් එය කොල්ල කා ගනිමින් ස්වකීය පංතික විහරණය පිළිබඳ අපේක්ෂාව කඩ නොකරගෙන ඉදිරියට රැගෙන විත් ඇති ආකාරයයි. එනම් එය "ලිහා දැමූ බල්ලන්ට වඳ සැත්කම් කිරීමකි".
මෙම කරුණට සබැඳි තවත් පැතිකඩ බොහොමයක් සාකච්ඡාවට ලක් වීමට ඉතිරිව ඇති බවත් (රස්තියාදුකාරයන් බලයට පත් කිරීමට රස්තියාදුකාරයන්ට බලය ලබාදීමේ කතාන්දරය) අවසානයට පෙර ලියා තබමි.
පසුව ලියමි ; ආඛ්‍යාන ශෛලිය පිළිබඳව විවේචනයන් ඇත්නම් කමන්න.
Tuesday, May 10, 2016
Thales of Miletus (/ˈθeɪliːz/; Greek: Θαλῆς (ὁ Μιλήσιος),Thalēs; c.624 BC – c.546 BC)
ම්ලේටස් ගුරුකුලයට අයත් දාර්ශනිකයෙකි (ක්‍රි.පූ 624 – 546 ) තෙලස්. පූර්ව සොක්‍රටීස් යුගයට අයත් චින්තකයෙකි. ඇනටොලියා නැමැති පුරාණ ග්‍රීක රජ්‍යයෙහි ජීවත් වූවෙකි. ඇනටෝලියා අද හැඳින්වෙන්නේ තුර්කිය නමිනි.
මොහු ක්‍රි.පූ. 6 වන සියවසට පූර්වයෙහි ග්‍රීසියේ විසූ ප්‍රාඥයන් සත් දෙනාගෙන් කෙනෙක් ලෙස සැලකේ. බොහෝ අය, විශේෂයෙන්ම ඇරිස්ටෝටල් තෙලෙස් ග්‍රීක සම්ප්‍රදායේ ප්‍රථම දාර්ශනිකයා වශයෙන් හැඳින්වීය. බර්ට්‍රන්ඩ් රසල් ට අනුව බටහිර දර්ශනයට ආරම්භය සැපයුවේ තෙලෙස් ය.
තෙලෙස් ස්වභාවික සංසිද්ධීන් මිත්‍යාවෙන් බැහැරව විග්‍රහ කිරීමට ප්‍රයත්න දැරූ අතර, එහිලා අතිශයින් සමත්කම් පෙන්වීය. මිත්‍යාවෙන් බැහැරව පරමාණුව, වෙනස්වීම සහ ලෝකයේ පැවැත්ම විග්‍රහ කිරීමට උත්සාහ කල පූර්ව සොක්‍රටීස් යුගයේ සියලුම දාර්ශනිකයන්, තෙලෙස් ඉහත කරුණු පිළිබඳව පල කල අදහස් වලට අනුගාමී අදහස් පළකලහ. මෙකී අනුගාමී දාර්ශනිකයන්ද ප්‍රභල අය වූ අතර, අවසානයේදී මිත්‍යාව බැහැර කිරීමේ තෙලෙස් ගේ අදහස් "විද්‍යාත්මක විප්ලවයේ" 'හරයා' බවට පත් විය.
එසේම ඔහු පොදු මූලධර්ම විග්‍රහ කල පලමුවැන්නාද වූ අත්‍ර, පූර්ව උපන්‍යාස ( උපකල්පන ) ගොඩ නැංවීය. එහි ප්රථිපලයක් ලෙස විද්‍යවේ පියා යන අන්වර්ථ නාමයෙන් ද පිදුම් ලබන්නට ඔහු සමත් විය ( මෙම අන්වර්ථ නාමය ග්‍රීක දාර්ශනික ඩිමොක්‍රීටස් ට හිමි වීම වඩාත් යුතු බවට මතවාදයක්ද පවතින නමුත්).
ගණිතයේදී, පිරමීඩ වල උස සෙවීම සහ වෙරළේ සිට නාවික යාත්‍රා වලට ඇති දුර ගණනය කිරීම සඳහා තෙලෙස් ජ්‍යාමිතිය භාවිතා කලේය. තවද ඔහු තෙලෙස් ප්‍රමේයයට අදාල මුකූටධර හතරක් නිර්මානය කරමින්, ජ්‍යාමිතියට අදාල නිගාමී තර්කනය මුලින්ම භාවිතා කල තැනැත්තා වශයෙන්ද පිදුම් ලැබීය. මෙහි ප්‍රථිපලයක් ලෙස ඔහු ප්‍රථම සැබේ ගණිතඝ්නයා වශයෙන් ගරු නාම ලද අතර, ප්‍රථමයෙන් ගණිතමය සොයාගැනීමක් කළ ප්‍රාඥ්ඥයා ලෙසද පිදුම් ලැබීය.
http://en.wikipedia.org/wiki/Thales
මොහු ක්‍රි.පූ. 6 වන සියවසට පූර්වයෙහි ග්‍රීසියේ විසූ ප්‍රාඥයන් සත් දෙනාගෙන් කෙනෙක් ලෙස සැලකේ. බොහෝ අය, විශේෂයෙන්ම ඇරිස්ටෝටල් තෙලෙස් ග්‍රීක සම්ප්‍රදායේ ප්‍රථම දාර්ශනිකයා වශයෙන් හැඳින්වීය. බර්ට්‍රන්ඩ් රසල් ට අනුව බටහිර දර්ශනයට ආරම්භය සැපයුවේ තෙලෙස් ය.
තෙලෙස් ස්වභාවික සංසිද්ධීන් මිත්‍යාවෙන් බැහැරව විග්‍රහ කිරීමට ප්‍රයත්න දැරූ අතර, එහිලා අතිශයින් සමත්කම් පෙන්වීය. මිත්‍යාවෙන් බැහැරව පරමාණුව, වෙනස්වීම සහ ලෝකයේ පැවැත්ම විග්‍රහ කිරීමට උත්සාහ කල පූර්ව සොක්‍රටීස් යුගයේ සියලුම දාර්ශනිකයන්, තෙලෙස් ඉහත කරුණු පිළිබඳව පල කල අදහස් වලට අනුගාමී අදහස් පළකලහ. මෙකී අනුගාමී දාර්ශනිකයන්ද ප්‍රභල අය වූ අතර, අවසානයේදී මිත්‍යාව බැහැර කිරීමේ තෙලෙස් ගේ අදහස් "විද්‍යාත්මක විප්ලවයේ" 'හරයා' බවට පත් විය.
එසේම ඔහු පොදු මූලධර්ම විග්‍රහ කල පලමුවැන්නාද වූ අත්‍ර, පූර්ව උපන්‍යාස ( උපකල්පන ) ගොඩ නැංවීය. එහි ප්රථිපලයක් ලෙස විද්‍යවේ පියා යන අන්වර්ථ නාමයෙන් ද පිදුම් ලබන්නට ඔහු සමත් විය ( මෙම අන්වර්ථ නාමය ග්‍රීක දාර්ශනික ඩිමොක්‍රීටස් ට හිමි වීම වඩාත් යුතු බවට මතවාදයක්ද පවතින නමුත්).
ගණිතයේදී, පිරමීඩ වල උස සෙවීම සහ වෙරළේ සිට නාවික යාත්‍රා වලට ඇති දුර ගණනය කිරීම සඳහා තෙලෙස් ජ්‍යාමිතිය භාවිතා කලේය. තවද ඔහු තෙලෙස් ප්‍රමේයයට අදාල මුකූටධර හතරක් නිර්මානය කරමින්, ජ්‍යාමිතියට අදාල නිගාමී තර්කනය මුලින්ම භාවිතා කල තැනැත්තා වශයෙන්ද පිදුම් ලැබීය. මෙහි ප්‍රථිපලයක් ලෙස ඔහු ප්‍රථම සැබේ ගණිතඝ්නයා වශයෙන් ගරු නාම ලද අතර, ප්‍රථමයෙන් ගණිතමය සොයාගැනීමක් කළ ප්‍රාඥ්ඥයා ලෙසද පිදුම් ලැබීය.
http://en.wikipedia.org/wiki/Thales
කියවන්න..., අපිට බොහෝ දේ කියාදෙන කතාවක්....,
1987 වසරේ එක් දවසක, නමින් බායි ෆැන්ගී නම් වූ වයසින් සැත්තෑ සතර වියැති රික්ශෝ රියැදුරෙකු සිය උපන් ගම බලා පැමිනියේ තමන්ට මහත් වෙහෙසකර වූ රැකියාවෙන් සමුගෙන සිය දිවියේ සැඳෑ සමය ගෙවීමට වූ කැමැත්තෙන්. මේ පැමිණි ගමනේදී ඔහුගේ නෙත ගැටුනේ සිය පාසල් වියදම් ගෙවා ගැනීමට නොහැකි වූ බොහෝ දිළිඳු දරුවන් වීදි වල විවිධ මෙහෙකාරකම් වල නියැලෙන දර්ශන වලින් සිය මවු නගරයෙහි වීදි පිරී ගොස් ඇති ආකාරයයි.
සිය විශ්‍රාමික සැඳෑ සමය පිළිබඳ අදහස අත් හල "බායි", නැවතත් ඔහු සිය සුපුරුදු රික්ශෝ රැකියාවෙහි නියුතු වූ ටියැන්ගින් නගරයට ආපසු පැමින, නැවතත් සිය රැකියාව ආරම්බ කලේ, දුම්‍රිය පොළ ආසන්නයේම සිය රථය නතර කොට මිනිසුන්ට සිය සේවය වැඩිපුර ලබා ගැනීමට අවකාශ සලසමින්. එපමණක් නොවෙයි ඔහු සිය රැකියාව පැය 24 පුරා සපයන්නටත් තීරණය කලා. ඔහු සරල ආහාර වලින් සිය කුසගින්න නිවාගන්නටත්, තමාට ලැබුනු කිසිවෙකු මින් පෙර භාවිතා කොට ඉවත දැමූ ඇන්දුම් වලින් සැරසී කටයුතු කිරීමටත්, තීරණය කලේ තම පුද්ගලික වියදම් හැකි පමණින්ම අවම කිරීමටත් ඔහුට අවැසි වූ නිසයි. මෙලෙස සිය ජීවිතය සහ රැකියාව ඔහු සැලසුම් කලේ අන් කවරක් සඳහා වත් නොවෙයි. ඔහු උපයන සියළු ධනය, ඉගෙනීමට වියදම් සොයා ගැනීමට අපහසු දරුවන්ට අධ්‍යාපන වරම් හිමි කර දීම සඳහා වැය කිරීමේ චේතනවෙන්.
2001 වර්ෂයේ දිනයක, ඔහු සිය රික්ශෝ රථය ටියැන්ගින් නගරයේ මධ්‍යම පාසල වෙත පදවාගෙන ආවේ, ඔහුගේ අවසාන ඉපැයීම පාසල වෙත ලබා දීම සඳහායි. ඒ වනවිට ඔහු වයසින් 90 වියැති ව ශාරීරිකව ඉතා අබල දුබල තත්වයක පසු වූ තත්වය පෙන්වමින් ඔහුට තවත් ඉපැයීම් කල නොහැකි වනු ඇති බව ප්‍රකාශ කලා. සියළු දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ නෙත් කඳුලින් තෙත් වූයේ ඔහු කෙරෙහි වූ අපරිමිත හැඟීම් වලින් ඔවුන්ගේ සිත් පිරී ඉතිරී යන්නට වූ නිසයි.
ඔහු විසින් පරිත්‍යාග වශයෙන් ලබා දුන් මුදල ගණන් බලා තිබූ ආකාරයට යුවාන් 350,000 ක්. එය දරුවන් 300කට වැඩි ගණනකට අධ්‍යාපන අවස්තා උදා කර දෙන්නට සමත් වී තිබුනා 2005 වසර දක්වා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා.බායි සිය ජීවිතයට සමුදුන්නේ අතිශය ආදර්ශමත් භූදලයක් ඉතිරි වන්නට ඉඩ හරිමින්. ඒ අන් කවරක් වත් නොව අවස්ථා නොලද දරුවන් වෙනුවෙන් ඔහු විවර කල අධ්‍යාපන අවස්ථාවනුයි.
පුද්ගලයකු වශයෙන්, බායි වැනි, ඉවත ලූ ඇඳුම් හැඳි, කිසිඳු අධ්‍යාපනයක් නොලද රික්ශෝ රියැදුරෙකු හට, දරුවන් 300කට වැඩි ගණනකට අධ්‍යාපන අවස්ථා උදා කර ලන්නට තරම් ශක්තිමත් සිතක් පහල විනි නම්, අප සහ අප වටා ඇති සම්පත් සහ, අප සතුව ඇති කුසලතාවයන්, අප යොදා ගන්නේ කවර අරුතින්දැයි අද දවසේම අප සිතා බැලිය යුතු නොවේද?
සිංහල අනුවාදය : සුදර්ශන දේශප්‍රිය.
[MUST READ]
In 1987, a 74-year old rickshaw puller by the name of Bai Fangli came back to his hometown planning to retire from his backbreaking job. There, he saw children working in the fields, because they were too poor to afford school fees.
Bai returned to Tianjin and went back to work as a rickshaw puller, taking a modest accommodation next to the railway station. He waited for clients 24 hours a day, ate simple food and wore discarded second-hand clothes he found. He gave all of his hard-earned earnings to support children who could not afford education.
In 2001, he drove his rickshaw to Tianjin YaoHua Middle School, to deliver his last installment of money. Nearly 90 years old, he told the students that he couldn't work any more. All of the students and teachers were moved to tears.
In total, Bai had donated a total of 350,000 yuan to help more than 300 poor students continue with their studies. In 2005, Bai passed away leaving behind an inspiring legacy.
If a rickshaw-puller who wore used clothes and had no education can support 300 children to go to school, imagine what you and I can do with the resources we have to bring about positive change in our world!
If you are going to SHARE one post today, let it be this one!
සිංගප්පූරු වේ අපූරු ආදර්ශය...,
1965 දී නිදහස් රාජ්යක් ලෙස ගමන් අරඹන විට සිංගප්පූරුවේ සමාජ ආර්ථික පැතිකඩ එතරම් යහපත් නොවීය. ඌන සංවර්ධිත බවත්, භූගෝලීයව කුඩා වීමත්, ස්වභාවික සම්පත් නොපැවතීමත්, ජනගහණය අල්ප වීමත්, ඉතා කෙටි ඉතිහාසයකට හිමිකම් කීමත් බැලූ බැල්මට දැකිය හැකි සිංගප්පූරුවේ සංවර්ධනයට බාධාකාරී කරුණු වශයෙන් විය.
නිදහස් රාජ්යයේ ප්රථම අග්රාමාත්යවරයා දිවංගත ලී ක්වාන් යූ මහතා සිංගප්පූරුව ලද පරිවර්ථනයේ නියමුවා ලෙස ගෞරවාදරයට හා පැසසුමට ලක්වෙයි. එතුමන් අනූව දශකයේ අග භාගයේදී ස්වකීය ස්වයං චරිතාපදානයේ එක් පරිච්ඡේදයක් “තෙවන ලෝකයේ සිට පළමු ලෝකය දක්වා” - “From Third World to First” යනුවෙන් නම් කළේය..
සිංගප්පූරුව ආර්ථික සාර්ථකත්වය අත්පත් කරගැනීමේ රහස කුමක්ද?
පළමුවම, රාජ්යයේ භූගෝලීය ස්ථානගත වීම හා ස්වභාවික වරාය යන කරුණ මෙහිලා අතිශයින් වැදගත් විය. එනම් ගෝලීය සමුද්ර ප්රවාහන වෙළඳ පොළින් අවම වශයෙන් 40% ක් පසු කර යන මලක්කා සමුද්ර සන්ධිය අභිමුඛ වූ සිංගප්පූරුවෙහි පිහිටීමයි. ඉතිහාසය දෙස් දෙන ආකාරයට, මුල් වරට 14 වන සියවසයේදී ආර්ථික කෙන්ද්රස්ථානයක් වශයෙන් භාවිතාවට ලක් ව, නැවත 19 වන සියවසයේදී බ්රිතාන්ය දූත ස්ටෑම්ෆොර්ඩ් රැෆල්ස් විසින් නූතන නගරය සොයාගන්නා ලදුව, නූතනයේ සිංගප්පූරුව ලෝකයේ අනවරත සහ සීඝ්ර සංවර්ධනයට ලක්වන කලාපයන්හී හදවත බවට මේ වන විට පරිවර්ථනය වී හමාරය.
ලී ක්වාන් යූ පාලනය යටතේ සිංගප්පූරුව මෙකී තරඟකාරී වෙළඳ වාසි බොහෝමයක් අයත් කරගැනීම මෙහි දී සුවිශේෂී කරුණක් වශයෙන් හඳුනා ගත යුතුමය.
දෙවනුව, ලී ක්වාන් යූ යටතේ, විදේශ වෙලඳාම සහ ආයෝජන දිරිගැන්වීම සහ රට තුළට කැඳවා ගැනීම සිදු කෙරුණි. එහි ප්රථිපලයක් ලෙස භහු ජාතික සමාගම් සිංගප්පූරුව ස්වභාවික අයෝජන කෙන් ද්ර ස්ථානයක් ලෙස හඳුනා ගත් අතර සිය ව්යාපාර පුළුල් කිරීමත් වැඩි දියුනු කිරීමත් ඉන් පසුව සීඝ්රයෙන් ඇරඹුනි.
තෙවනුව සිංගප්පූරු ආණ්ඩුව, කුඩා, කාර්යක්ෂම සහ අවංක සහ විශ්වාසදායී මුහුණුවරකින් පවත්වා ගැනීම ස්වකීය අසල්වැසි කිසිඳු රාජ්යකින් සමකාලීනව විද්යාමාන නොවන තරමේ මට්ටමකින් සිදු කෙරුණි.
එම තතවයන්හි අපූර්ව සංකලනය මගින් සිංගප්පූරුව තුළ ඇති කළ ව්යුහාත්මක වෙනස්කම්, මගින් සිංගප්පූරු ආර්ථිකය සහ සමාජය තුළ ඇති වූ පරිවර්ථනය, දෙස අවධානය යොමු කල විශ්ලේෂකයන් ගේ හා සමීක්ෂකයන් ගේ වාර්ථා තුළින් සිංගප්පූරුව ව්යාපාර කිරීම සඳහා ඉතාම යෝග්ය රාජ්යක් ය යන පණිවිඩය ජාත්යන්තරය වෙත රැඟෙන යාම ඉන් පසු සමය තුළ වේගවත් විය.
නමුත් රාජ්යයේ නාගරිකත්වය සහ නිදහස පිළිබඳ කරුණු වලදී රාජ්ය තවදුරටත් ස්වකීය අනම්ය මුහුණුවර පවත්වා ගනු දක්නට ලෙබුණි. නගරය පවිත්ර බව මෙන්ම නිසි පිලිවෙල ද මැනවින් පවත්වා ගැනීම දක්නට තිබුනත්, අපරාධ වැරදි සඳහා කෲර දඬුවම් ක්රම පවත්වා ගෙන යාම, මාධ්ය වාරණ සහ ලිබරල් නොවන සමාජීය ප්රථි පත්ති ක්රියාත්මක වි තිබුණු අතර උද්ඝෝෂණ හෝ රජයට එරෙහි විරෝධතා වලට ඉඩ ලැබුනේ ඉතාමත් කලාතුරකින් සීමිත අවස්ථාවන්හිදී පමණි.
ලී සෑම විටම අසල්වැසි සහ තරඟකාරී රා\ජ්යන්ගේ ආක්රමණශීලී සහ අන්තරායකාරී මුහුණුවර උළුප්පා දක්වමින්, පවත්වා ගෙන ගිය ආණ්ඩුවේ අධිකාරීමය බලය තදින් පවත්වා ගෙන යාම සිංගප්පූරුවේ සාර්ථකත්වයට ඉවහල් වන බව විශ්වාස කළේය.
By Sudarshana Deshapriya.
Subscribe to:
Posts (Atom)