නොහඳුනනා හැඳුනුම්කම්
මා හඳුනතැයි ඔබ කියයි
ඔබට මා නොකීවත් හඟිනු හැකි යැයි
මා පිළිගනිමි, නුඹට හැකි වෙයි
හඟින්නට අද මා කවුදැයි
නමුත් නිසැකවම කිව හැකියි
නුඹට මා පෙර දවස හඟින්නට නොහැකි යි
විඳින ලද මඩින ලද කම් කටොළු අනේකයි
හැකි වුනත් හඟින්නට මහමෙරින් අල්පයයි
ඔය නිරුත්තර සිතින් අද දකින මා නොවෙයි
එදා මා තුළ උන්නේ, වීරියයි දහිරියයි
විඳි නේක සිත් තැවුල් තමයි විනිවිදිය යුත්තෙ
එතකොටයි නියම මම
හඳුන ගත්තා වෙන්නෙ...!
No comments:
Post a Comment