ඔබට පෙනෙනු ඇති නේක ඝන රැස් රටා
මා වටා ලෝකයේ දැන් යසට පායලා
ඒත් විඳි වේදනා සිත පතුළෙ තෙරපිලා
දිවි ගෙවමි මතක තුළ ලෝකයටම හොරා
මා උන්නු ලෝකයම දිරිය ගෙන එළි කලා
වේදනා සිත් බිඳුම් පවුරු කර සමතලා
වේදනා සුන්දරව උහුළලා හුරු කළා
විඳිනු රිසියෙන් දිවිය දිනෙක සුවපත් වෙලා
ඒත් තව හිත බරයී ජීවිතේ ගලා යයි
කවුරුවත් දන්නෙ නැහැ ජීවිතේ හිතුමතේ
මට හරිම මහන්සියී දැන් අනේ ඇති වගේ
ආදරේ කරන්නට හිත මගේ හරි පොරේ
රත්කර තලනා තරමට - පිහියේ මුවහත හොදයි
ReplyDeleteහරිහැටි ඇවිදින්න නම් - වැටෙන්නත් ඕනෙමයි
ජීවිතේ හැටි ඔහොමමයි - කාට වුව රිදුම උරුමයි
ලෝක ධර්මය නම් එයයි - ජය ලැබුවොතින් ඔබ පරිණතයි
විඩාබර හිතේ ඔය පොරය - සැබවින්ම නිවනක් තමයි
දිනුවොතින් ඒ පොරේ යම් දින - තනිකමක් නම් නොම දැනෙයි
දිනු පොරය ලස්සනට පෙනුනද - බැදුණු වගකීම් නම් ගොඩයි
"පරිණතයි ඔබ" සත්‍යදැයි එය - පොරයේ ඉවසීමෙන් කියයි
(Just a thought)