Saturday, November 28, 2015

රැස් රටා

ඔබට පෙනෙනු ඇති නේක ඝන රැස් රටා
මා වටා ලෝකයේ දැන් යසට පායලා
ඒත් විඳි වේදනා සිත පතුළෙ තෙරපිලා
දිවි ගෙවමි මතක තුළ ලෝකයටම හොරා

මා උන්නු ලෝකයම දිරිය ගෙන එළි කලා
වේදනා සිත් බිඳුම් පවුරු කර සමතලා
වේදනා සුන්දරව උහුළලා හුරු කළා
විඳිනු රිසියෙන් දිවිය දිනෙක සුවපත් වෙලා

ඒත් තව හිත බරයී ජීවිතේ ගලා යයි
කවුරුවත් දන්නෙ නැහැ ජීවිතේ හිතුමතේ
මට හරිම මහන්සියී දැන් අනේ ඇති වගේ
ආදරේ කරන්නට හිත මගේ හරි පොරේ



ජීවත් වීම

ජීවිතය පිළිබඳ පාඩම්, 

ජීවත් වීම විසින් 

එකින් එක සීරුවට 

මට උගන්වන ආකාරය දෙස

 මා ඉමහත් ආශාවෙන් 

ප්‍රමෝදයෙන් 

සහ 

ඕනෑකමින් 

බලා සිටිමි.

Sunday, November 15, 2015

සැන්ටා

2010 වසරේ මා ඔහු හඳුනාගන්නේ බී.එස්. රංජිත නමින්. දික්වැල්ල ප්රාදේශීය ලේකම්වරයා ලෙස. ඔහු මාතර දරුවන්ට ඔවුන්ගේ ආදරණීය සනත් අය්යා නැත්නම් සැන්ටා. 2010 වසරේ විශ්ව විද්යාල ගතව සිටින සමයේ අප විසින් එවකට පාසලේ ඉගෙනුම ලබමින් සා.පෙ. සහ .පෙ. සඳහා එම වසරේ විද්යාලයෙන් විභාගයට මුහුන දීමට සූදානමින් සිටි සොයුරු සොයුරියන් වෙනුවෙන් සංවිධානය කරන ලදුව විජිතයේ පැවති විභාග දිනන මග කියා දුන් සංහිත ප්රතිභා පළමු අදියරේදී ආරාධිත දේශනයකට පැමින සිටියදීයි මට ඔහු පළමු වරට මුණ ගැසුනේ. එදා වැඩසටහනේදී ගුරු ගීතයේ රසමුසු තැන් උකහා ගනිමින් ඔහු කළ දේශනය මා සිත් ගත්තා සේම, මා විසින් එම වැඩසටහනෙහි අරමුණ පැහැදිලි කරමින් කළ දේශනය ඔහුගේ සිත් ගත් බව මට තේරුම් ගන්නට ලැබුනා. එවක පටන් මගේත් මා මිත් සමීර ගේත් ජේෂ්ඨ සමීපතමයෙකු සහ අපට අපේ ජීවිතයේ ඇතිවන අර්බුධකාරී හෝ අපැහැදිලි තැන් වලදී ඔහුගේ විශ්වසනීය උපදේශනය ලැබුනු අවස්ථා කිහිපයක් තිබුණා. විශ්ව විද්යාල ජීවිතයේ තිබූ කාර්ය බහුලත්වයත් සමීර සහ මම ඉන් පසු 2014 වසරේ අග භාගය වන තෙක් කොළඹ එකිනෙකින් වෙනස් ස්ථාන දෙකක ජීවත් වීමත් නිසාත් වෘත්තීය ජීවිතයේ අභියෝග සහ එක පෙළට අප දෙදෙනාටම මුහුණ දීමට සිදු වූ විභාග මාලව නිසාත් මෙන්ම ප්රාදේශීය ලේකම්වරයෙකු ලෙස ඔහු ගේ කාර්ය බහුල දින චර්යාවත් 2015 වසරේ සැප්තැම්බරය දක්වාම අපේ හමුවීම් බොහොමයක් අතරමග වලකාලනු ලැබුවා. පසුගිය 18 වන ඉරිදා සවස මාතර පඹුරන දුම් රිය හරස් මග අසලම දකුණු පසට වන්නට පිහිටා ඇති ඔහු ජීවත් වන නිවසේදී සිදු වූ මූලික හමුවෙන් සහ කථාබහෙන් පසු, 19 වනදා සන්ධ්යාවේ ඔහු විසින් උදෑසන පූර්ව වශයෙන් දන්වන ලදුව කරනු ලැබූ දුරකතන සංවාදයෙන් පසුව, ඊයේ (ඔක්තෝබර් 25) හවස තුනයි තිහට විතර මට කෙටි පණිවුඩයක් ලැබුණා. එහි හෙට උදෑසන (වප් පොහෝ දිනය ) ඔහුගේ ධනාත්මක චින්තනය සම්බන්ධ දේශනයක් මාතරදී පැවැත්වෙන බවත් එයට සහභාගී වන්නේ නම් දැනුම් දීමක් කරන ලෙසත් සටහන්ව තිබුනා. ඔහුගේ දැන්වීම මගේ මෙන්ම සමීර ගේ පැමිනීම අපේක්ශාවෙන් කරන ලද්දක් වූ නිසා සමීරට මා සමග හෙට උදෑසන දේශනයට සහභාගී වීමට මා කැටුව යා හැකිදැයි මිමසුවත් පෙර සැලසුම් කරන ලද කුප්පියක් අත් හළ නොහැකි බව සමීර දැන්වූ නිසා මා තනිව හෝ සහභාගී වීමට තීරණය කරන ලදුව මා පැමිණෙන බව කෙටි පණිවුඩයකින් දන්වා යැවූයේ පසුදින උදෑසනින්ම මාතර බලා නික්මෙන සිතිවිල්ලෙන්.

5.30 බෝඩිමෙන් නික්මෙන්නට සැලසුම් කොට තිබුනත් ඇස් ඇරුනේ හරියටම 6.30. දිනයේ පළමු ඇමතුම  දුරකතනය නාද වී අවසන් වන්නට අසන්නයේදී පිළිතුරු දුන් ඔහුට සුභ උදෑසනක් කියා සුභ පැතූ මම ඔහු පෙර දින කෙටි පණිවුඩයේ දක්වා නොතිබූ නිසා, විමසා සිටියේ දේශනය ආරම්භ වන්නේ කීයටද දේශනය පැවැත්වෙන්නේ කොහිද යන්නයි. ඔහුගේ පිළිතුර දේශනය ආරම්භ වන්නේ 8 තවම කොළඹ යන්නයි. පසුව ඔහු එකතු කලේ, කමක් නා දැන් එක්ස්ප්රස් එකකට ගොඩ වුනොත් එන්න පුළුවන්. රයිට් සර් කියූ මම, දඩි බිඩි ගා මුහුන කට සොදාගෙන විජේරාමෙන් 7.10 පමණ 138 බසයකට ගොඩ වීමි. මහරගම සිට මාතර බලා දිවෙන අධිවේගී බස් රිය 7.35 පමණ බහරගම බස් ගාලෙන් මාතර දක්වා පිටත් වූ අතර බසයේ මැද්දට වන්නට වූ අසුනක ඇතුළු පැත්තට වන්නට හිඳ ගත් මම නින්දකට වැටුනෙමි. බස් රථය ගොඩගම නිල්වලා පිවිසුමෙන් අකුරෙස්ස මාතර මාර්ගයට අවතීර්ණ වෙද්දී නින්දෙන් පිබිදුනු මම දුරකථනය පිරික්සීමි. එහි මග හැරුණු ඇමතුම් 12ක් විය. එක්කෝ අම්මාගෙන්ය. නැත්නම් මිස්ටර් රන්ජිත ගෙන්ය. මම පෙරළා ඇමතුමක් ගෙන එක දිගට කියා සිටියේ මට මදක් නින්ද ගිය බවත් දැන් මා සිටින්නේ නිල්වලා පිවිසුමේ බවත් දේශනය පැවැත්වෙන ස්ථානය මට දන්වා සිටින ලෙසත්ය. ඔහු දුරකථනයේ අනෙක් පස සිට චතුරන්ග මේ අපේ ලෝයර් කෙනෙක් එයා එන්නේ කොළඹ ඉඳන් යනුවෙන් පවසනු මට ඇසුනු අතර, චතුරංග එම දුරකථනය හරහාම මා වන විට සිටින්නේ කොහිදැයි විමසා සිටි බැවින් මා කියා සිටියේ බසය මාතර දින් ටවුමට අසන්නව ඇති බවයි. චතුරන්ග කියූ පරිදි මාතර නූපෙ හන්දියෙන් බසයෙන් බැසගත් මා වෙත නිරීක්ශණ දෑසකින් යුතුව පැමිණෙන පුද්ගලයා චතුරංග බව මා හඳුනා ගන්නා විටම ඔහුද පෙරළා පළ කළ ඉඟියෙන් මට වැටහී ගියේ ඔහුද මා හඳුනා ගත් බවයි. මා අසලට පැමිනෙමින් නයිස් ටු මීට් යූ කියූ චතුරංග නයිස් ටු මීට් යූ ටූ කියූ මම ඔහුගේ පසුපසින් දේශනය පැවැත්වෙන ශාලාව දෙසට පියවර මැන්නෙමි.

මා චතුරංග පිටුපසින් ගිය ගමන නිමා වූයේ නූපේ හංදියෙන් මීටර තිහක් පමණ අකුරැස්ස පාරේ දකුණු පසට වන්නට වූ හරස් පටු මගක වම් පැත්තෙහි පිහිටා තිබූ නිවසක පුද්ගලික පන්ති පැවැත්වීම සඳහා සකසන ලද ශාලාවකින්. පංති කාමර දෙකක් වන ලෙස සකසා තිබූ එම ශාලාවේ එක් පංති කාමරයක වන විටත් උසස් පෙළ වයසේ සිසු සිසුවියන් පනහකට වැඩි පිරිසක් මධ්යයේ සිටිමින් දේශනයේ නියැලී සිටි මිස්ටර් රන්ජිත මාගේ පැමිණීම සිනහ මුසු මුහුණින් යම් අවධානයක් දුන්නත් මා ඔහුගේ දේශනයට බාධා වීම වලක්වනු වස් ඉක්මනින් අසුනක් රැඟෙන ශාලාවේ පිටුපස කොනකට වන්නට අසුන් ගත්තෙමි. ඔහු දේශනය ඉතාම සරල බස් වහරින් පැහැදිලිව ඉදිරියට කරගෙන යයි. ඔහුගේ දේශනය ධනාත්මක චින්තනය යන මාතෘකාව යටතේ . මා දිගටම අසා සිටියෙමි. එය සපුරාම අළුත්ය. නැවුම් . ඔහු බෙදා දෙන්නේ සාම්ප්රදායික දැනුමෙන් ඔබ්බට ගිය චින්තන රටාවක් සකසා ගන්නා විධිය ගැනය. මා දිගටම අනලස්ව ඔහුගේ මුවින් පිට වන සෑම වදනකටම ඉතාම ප්රවේශමෙන් සවන් දුන්නෙමි. ඔහුගේ දේශනය තවත් අයුරකින් සිසුන් ඉගෙන ගන්නට ඉගෙන ගත යුතු විදිය ගැනය. ඕනෑම සිසුවකු යමක් ඉගෙන ගන්නට පෙර තම මනස අධ්යාපනයට සුදුසු ලෙස සකසා ගත යුතුය. අධ්යාපනයට සුදුසු ලෙස මනස සකසා ගැනීමට ක්රම ශිල්ප සහ නුවණත් ස්වකීය බුද්ධිය මෙහෙයවා ක්රම ශිල්ප ප්රගුණ කිරීමත් යන සියල්ලම එක හැටි වුවමනාය. එසේම දියුණු ප්රථිපල සඳහා විශේෂයෙන්ම මනස සූදානම් කරන ලද සිසුන් තැනීම ඔහුගේ මෙම දේශන වල ගැබ්ව ඇති අරමුණ බව පැහැදිළිව පෙනෙයි

ඔහු ගේ ප්රබෝධමත් දේශන පෞරුෂය ඔහුට සවන් දෙන ඕනෑම අයෙකු දේශනය වෙත සාවධානව රඳවා ගැනීමට සමත්ය. නමුත් පැය දෙක හමාරක් පමණ එක දිගට සිය දේශනය මෙහෙය වූ ඔහු කුඩා තේ පැන් සංග්රහයක්ද සහිත කෙටි විවේකයක් සිසුන් ලබා දුන්නේය. අනතුරුව සවස දෙක පමණ වන තෙක් සිය දේශනය කිසිදු වෙහෙසක් නොපෙන්වමින් මෙහෙයවූයේ එදිනට ඔහු සූදානම් කොටගෙන පැමිණි සියළු දැනුම දරුවන් වෙත පිළිගැන්වීම ඔහුගේ අරමුණ වූ බැවිනැයි හැඟුනි. දේශනය අවසන් විය. ඔහු සවන් දුන් සිසුන්ට අදහස් දක්වන්නට විවෘත ආරාධනයක් කලේයසවන් දුන් සිසුන් දේශකයා තරම්ම ධනාත්මකය. එකා පිට එකා සිසුන් පහළොවක් හෝ විස්සක් පුද්ගලික සහ සාමූහික කෘතවේදීත්වය පළ කරමින් ඔවුන්ගේ අදහස් දැක්වූහ. උසස් පෙළ වයසේ වුවත් ඔවුන් තම මුවින් පිටවන වදන් ගැන කොතරම් සංවේදී දැයි මට සිතුණි. සවන් දුන් සිසුන්ගේ කෘතවේදී වදන් දේශකයාගේ දේශනයේ සරු බව පිළිබඳ කැඩපතක් වැන්න. ඔවුන්ගේ වදන් අසන මට ඇතිවූ සැනසුම් දායක චිත්ත වේගය කියා ගන්නට මට වදන් තවමත් ගොනු කර ගත නොහැකිය. සැබැවින්ම නම් දේශකයකුට පෙරලා ලැබිය හැකි නිහඬ ආනන්දයක්මය.


සිංහල මාස ක්රමයට නම් දිනය වප් පුන් පොහොය දිනයයි. ඔහු පොහොය දිනය වෙන් කොට තිබූ පුණ් කර්මය කොතරම් මහාර්ඝ එකැක්දැයී බෞද්ධයෙකු ලෙස මා කල්පනාවෙහි නිමග්න කරවන්නක් විය. මා සමග ඔහුට ඇති අවබෝධය වෙනම තලයක වූ එකක් වුවත් ඔහුගේ දේශනය මටද සිසුන් දැනුණු තරම් අළුත් නොවේදැයි මා ඊළඟට සිතීමි. මා නීතිවේදී උපාධිය අහවර කොට නීති වෘත්තියට පිවිසී දැන් දෙවසරකට ආසන්නය. මගේ අධ්යාපන මට්ටම සාපේක්ශව බැලූ කළ ඔහුගේ මූලික දේශනය ඔහු ඉලක්ක කොට තිබුනේ උසස් පෙළට සූදානම් වන සිසුන් පිරිසකට . දැනුම අළුත් නම් එයට වයසක් නැත. මිනිසුන් කොපමණක් තමන් ජීවිතයේ කවරදාකත් අත් නොවිඳි දැනුම් පිළිබඳ සංවේදී භාවයක් නොමැතිව මිය යනු ඇතිදැයි යන්නත් ඉගෙනීමේ හෝ දැනුමට විවෘත වීමෙහි නිමක් නොමැති බවත් සෑම මිනිසෙකුටම අවබෝධයක් විය යුතු බව වටිනා සත්යක් ලෙස එවේලෙහි මට සිහිපත් වන්නට විය. සියල්ල කියා පාන්නේ අන් කවරක් වත් නොව ඔහු සතු දැනුමේ සංවිධිත බවයි.


මාතරින් උසස් පෙළ සමත් වී නීති පීඨයේ සිවු වසරකුත් නීති විද්යාලය ඇසුරෙහි තවත් වසරකුත් ගෙවා දමා කනිෂ්ඨ නීතීඥවරයෙකු ලෙස අළුත්කඩේ උසාවියේ නඩු හබ වලට පැමිණෙන මිනිසුන් ගේ සිට බිලියන ගණනක ප්රග්ධන සංසරණයක් සහිත සමාගමක නීති නිළධාරියෙකු ලෙස ව්යාපාරික ලෝකයේ මුදල් ගලා යන රටාවන් පිළිබඳවත් අදහසක් තිබූ මා සිතට මෙවන් දේශනයකට මිලක් තිබිය යුතු නොවේදැයි යන සිතිවිල්ල ඇතුළු වීම වලක්වනු නොහැකි විය. සමහර විට ඔහු මුදලට මේ දේශනය සූදානම් කළා නම් එයම ඔහුගේ දිවි සරු කරන මගක් වන්නට තිබුණු බව පැහැදිලිය. නමුත් මේ සමාජ හිතකාමී මිනිස් ප්රාණියා වෙනස්ම මොඩලයේ මිනිසෙකු බව සිතන්නට ඔහුගේ මුවින් පිටවන වදන් සහ ඔහුගේ සමාජ චර්යාව කරුණු බොහෝ ප්රමාණයක් සපයයි. ඔහුට මිලට එහා ගිය සමාජ භාරයක් ගැන පුද්ගලික මානයක් ඇති සේය. මිල කරන්නට බැරි දැනුමක් ඔහු නොමිලයේ සමාජගත කරන්නේ අතිශය ගැඹුරු සමාජ විනිවිදීමකින් පසුව බව මගේ සිත මට කියයි. අරුතින් බැලූ විට ඔහු මගේ නොව මේ සාතියය සමාජයේම කල්යාණ මිත්රයෙකි. මන්ද යත් කාලය එරෙහිව ස්වාර්ථය හඹා යන මිනිසුන්ගේ මිලට විකිණෙන  අරමුණු අතර ඔහුගේ පරාර්ථය පෙරදැරි කරගත් අරමුණ අමිල හෙයිනි. එවන් සමාජ ශෝධනය පිණිස වූ අමිල ප්රයත්නයන් පිළිබඳ සිත් ඇති මිනිසුන් අපි පාරමිතා පුරන්නවුන් යැයි කියමු

                                                                                                                                                                                                    27.10.2015