Friday, May 24, 2013

නොසෙයූ සිත...,


සොයනු රිසි සැම දෙයම,


කාලයේ සියත මත තබා 

නික්ම යමි

සෙනෙහසේ මානයෙන් බෝ දුරට

කුමට මා සොයන්නේ

නොසෙයූ සිත අගෙයී මට

සෙවූවාටත් වඩා

සත්‍යයටත් වඩා...!



2010 11 11

ගැටුමක් පමණී..., සිතුම් පැතුමන් හී...,


ගැටුමක් පමණී

සිතුම් පැතුමන්හී

මෙය ප්‍රේමයක් නොවේමැයි

නික්ම යාමක්

වෙන්ව යාමක් 

විරහවක් වත් නම් නොවේ

සලිත විනි නම් ප්‍රේමයෙන් සිත්

මෙලෙස අප හදවත් දියේ

නිසල බව බිඳුනිද කෙසේ...?



2010 11 16

නුඹ හඬනවා අතීතය ලඟ



මට 
හඬන්නට කරුණු නෑ
කඳුළු නැති එක වෙන කතාවක්
දන්නවා මම, නුඹ හඬන වග
අතීතය ළඟ
නෙත් කෙවෙනි යට කඳුළු නැතිවත්
නුඹේ කඳුළක උණුහුමට
 හද හැකිවුණා සීතල කරන්නට
හඬා තිබුනේ 
නුඹේ ඇසිපිය පමණී
ඇසුනෙ නෑ 
පිටතට හඬන හද





2010 11 17

සිත්තරකු ලියූ කවිය

අරුමය
කවිය
ඔපවත් කළා
යෞවනියක්
සිත්තරෙකු
ලියූ කවියේ
ඇදවූ
ඉස්පිල්ලක
මහිමයෙන් 


සරදමට පෙර


වියරු සරදමට පෙර අසංයත දයිවයේ 

නික්ම යමු තුරුළු කර මතකයන් සෙනෙහසේ




එදා, අද




එදා 

නිල් අහස නුඹහරිත පැහැ වදුළු පෙළ

සුදො සුදු දිය රැල්ල සිප ප්‍රේමයේ වෙරළ

අද 

අඳුරු වලාවන්කැළඹිලා නදී දිය


ක්ෂිතිජයේ නේක පැහැවියෝගය සැල කරයි

2010-11-07